දේශීය පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලනවා – එ. ජා. මානව හිමිකම් කොමසාරිස්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස තමා රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙහිදී ඔහු කියා සිටියේ රජය සමඟ මෙම පනත පිළිබඳව සාකච්ඡා කළ බවයි.
තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමන් ඉල්ලීමක් කළ බවද ඔහු සඳහන් කරනවා.
“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතුයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි.
තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් වෙනවා”
