සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රස පරීක්ෂක කාර්යාලයේ සේවකයෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහායකයෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (28) දින මාලඹේ පොලිස් වසරේ කුඩාදෙනිය පටුමග, හෝකන්දර දකුණ ප්‍රදේශයේ නිවසක දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

මෙහිදී හෙරොයින් ග්‍රෑම් 265ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 58ක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Tags