දේශීය පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (24) පැවති විවාදයට එක් වෙමින්.
මෙමඟින් මෙරට සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ඔසවා තබන බවද ඔහු මෙහිදී කියා සිටියා.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ මෙය දේශපාල අරමුණක් නොව සමාජීය අරමුණක් වන බැවින් ඊට සහාය දක්වන ලෙසයි.
කිසිදු හේතුවක් මත කිසිදු දරුවෙකු 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
