දේශීය පුවත්
ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
නාවික හමුදාවට වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂාව සපයන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමගාම් වෙත සේවා ලබාදිය හැකිවන අයුරින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ නාවික හමුදා පනතේ 21 වැනි වගන්තිය යටතේයි.
මෙම ගැසට් නිවේදනය අනුව එම විදේශීය පෞද්ගලික ආරක්ෂක සමාගම් වෙත සේවා හා පහසුකම් සැපයීම සඳහා සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘති පවත්වාගෙන යාම, එහි සියලුම මෙහෙයුම් පරිපාලන හා මෙහෙයුම් කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ සුදුසු පරිදි සිදු කිරීමට නාවික හමුදාවට බලතල හිමිවනු ඇති.
විදේශීය පෞද්ගලික ආරක්ෂක සමාගම් සතුව ඇති ගිනි අවි උණ්ඩ හා අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩාවල ගබඩා කිරීමටත්, එම ගිනි අවි උණ්ඩ සහ අනෙක් උපාංග මෙහෙයුම් අවශ්‍යතා සඳහා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්ෂණ සමාගම්වල දේශීය නියෝජිතයින්ට ලබාදීමටත් මෙම ගැසට් නිවේදනය අනුව ප්‍රතිපාදන සැලසෙනවා.
