දේශීය පුවත්
අමෙරිකානු තීරු බද්ද ගැන තවත් සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද 20%ක තීරු බද්ද සම්බන්ධව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඊයේ (06) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම මණ්ඩලය සඳහන් කළේ අමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණ දීමේ දී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා ඉහළ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයින් රැසක් මෙම සාකච්ඡාවට එක්වූ බවයි.
තීරු බදු අභියෝගයට මුහුණදීම සදහා අපනයන කර්මාන්තයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක ඇති වැදගත්කම මෙම සාකච්ඡාවට එක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.
