සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ විදුලි රැහැන් සොරකම් කිරීමේ සිද්ධියක්

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට නව විදුලි සැපයුමක් සඳහා ගෙන ආ විදුලි රැහැන් කොටසක් සොරකම් කිරීමේ චෝදනාව මත පුද්ගලයින් දෙදෙනෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් (21) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් අය වයස අවුරුදු 28 සහ 30 වන අතර, ඔවුන් බෙලිඅත්ත හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය අලුත්වැඩියා කටයුතු සිදුකරන චීන සමාගමක විදුලි කාර්මිකයකු කරන ලද පැමිණිල්ලක් මත අනාවරණය වූ අතර, සැකකරුවන් පෙර එම ගොඩනැගිලි පරිශ්‍රයේ සේවය කර ඇති බවද තහවුරු වී ඇත.

පොලීසිය අනුව, අලුත්වැඩියා කටයුතු සඳහා ගෙන ආ විදුලි රැහැන් ඉතිරි කොටස ඔවුන් සොරකම් කර විවිධ ස්ථානවලට විකුණා ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කෙසෙල්වත්ත පොලීසිය සිදුකරයි.

Tags