සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වාහන ආනයනයෙන් රේගුවට රුපියල් බිලියන 165ක ආදායමක්

වාහන ආනයනයට අවසර දීමත් සමඟ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා මේ බව කියා සිටියා.

මෙම වසරේ ලබාදී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යාමට රේගුවට හැකියාව පවතින බවද ඔහු මෙහිදී සඳහන් කළා.

“2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා. රථවාහන ගත්තහම 2025 පෙබරවාරි 1 සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන්නා. මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කරලා තියෙනවා. ඒ තුළින් රු බි 165ක පමණ ආදායමක් උපයලා තියෙනවා. මේ වසරේ දී අපි මෝටර් රථ ආනයනයෙන් අපි රු බි 450ක් බලාපොරොත්තු වෙනවා.”

Tags