දේශීය පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගේ තව වැඩක් ගැන හෙළිවෙයි
අයථා ලෙස වත්කම් රැස්කිරීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ (26) අල්ලස් කොමිසමට කැඳවා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම පැවසුවේ අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාළව දූෂණ විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු පානදුර පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට රැස්කළ මුදලින් ලක්ෂ 350කට ආසන්න මුදලක් සැකකරු අයථා ලෙස පරිහරණය කර ඇති බවත් මෙහිදී විමර්ශන නිලධාරීන් සඳහන් කළා.
පිළිම වහන්සේ නිර්මාණය සඳහා මුදල් රැස්කරන බවට වූ දිවුරුම් ප්‍රකාශය එම විහාරස්ථානයේ රෝගීව සිටි හිමිනමකගෙන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඊට අමතරව අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ උන්වහන්සේ එම අත්සන එය කියවා බැලීමකින් තොරව අත්සන යොදවා ඇති බවයි.
තම සේවා දායකයාට සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණක් ලැබී ඇති බවත් ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන ඇති බවත් මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ජුලි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
