සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තරුණ පිරිස අතර HIV ආසාදන වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 සිට 29 දක්වා වයස් කාණ්ඩය අතර HIV ආසාදන ඉහළ යාමක් දැක්වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, පසුගිය වසර කිහිපයක තිස්සේ මෙරට නව ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව,

2021 වසරේදී ආසාදිතයන් 411ක්,

2022 දී 607ක්,

2023 දී 697ක්,

සහ 2024 දී 824ක් ලෙස වාර්තා වී ඇත.

මෙම පිරිසෙන් වැඩිම ආසාදිතයන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත HIV ආසාදිතයන් සංඛ්‍යාව 6,740ක් බව දැනට හෙළිවී ඇත. මෙම පිරිස අතරින් 47 දෙනෙකු මියගොස් ඇත.

ආසාදනය විය හැකි මාර්ග

  1. අනාරක්ෂිත ලිංගික සබඳතා 
    HIV රෝගියෙකු සමඟ ලිංගික සම්බන්ධතාවයකින් පසු රෝගය ලිංගික තරල හරහා බෝවිය හැක.
    විශේෂයෙන් ගුද මාර්ගික සංසර්ගය මේ සඳහා ප්‍රධාන හේතුවක් ලෙස සලකයි.
  2. එකම එන්නත් කටු භාවිතය
    මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී එකම කටු භාවිත කිරීමෙන් වෛරසය පැතිරිය හැක.
  3. ගර්භණී මවගෙන් දරුවාට ආසාදනය වීම 
    HIV ආසාදිත මවකගේ මව්කිරි හරහා දරුවාට රෝගය බෝවිය හැක.
    එහෙත් ශ්‍රී ලංකාව 2019 වසරේදී මවගෙන් දරුවාට HIV බෝවීම සාර්ථකව අවම කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය ලබාගෙන ඇත.

නොමිලේ පරීක්ෂණ හා ප්‍රතිකාර

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ රට පුරා ඇති ලිංගාශ්‍රිත රෝග සායන 41 කදී,
HIV ආසාදිතයන්ට නොමිලේ සහ පෞද්ගලිකත්වය රැකෙන පරිදි පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාගත හැක.

ක්ෂණික දුරකථන අංකය: +94 703 733 933

KNOW FOR SURE යෙදුම හරහා තොරතුරු ලබාගත හැක.

HIV TEST KIT භාවිතයෙන් ස්වයං පරීක්ෂාවක්ද කළ හැක.

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ, පාසල් දරුවන් ද මේ ව්‍යාප්තියට ගොදුරුවන අවදානමක් පවතින බැවින්, පාසල් මට්ටමේ සිටම ලිංගික අධ්‍යාපනය හා HIV පිළිබඳ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවය.

ශ්‍රී ලංකාව ව්‍යාප්තිය අඩු මට්ටමක රටක් ලෙස සැලකුවුවද, තරුණ පිරිස අතර මේ ව්‍යාප්ති තත්ත්වය සමාජය මුහුණ දිය යුතු දැඩි අභියෝගයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Tags