සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්නූ සමාගම් හිමිකරුගේ ඇප පෙත්සම ඔක්තෝබර් 28 කැඳවයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල් පද්ධතියට බෙදා හැරීමට සම්බන්ධ වූ බව කියන සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දුගේ අපේක්ෂිත ඇප පෙත්සම ලබන ඔක්තෝබර් 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (21) පැවති නඩු විභාගයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇති අතර, එම පෙත්සමට විරෝධතා තිබේ නම් ඒවාද එදිනට ගොනු කිරීමට අල්ලස් කොමිසමට දැනුම් දී තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥවරයා පැවසූයේ, ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති බවත්, වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ බවත්ය. එසේ තිබියදී “දූෂණය” නමැති වරද යටතේ ඔහු යළි අත්අඩංගුවට ගැනීමට කරන උත්සාහය අසාධාරණ බවද නීතිඥවරයා සඳහන් කළාය.

අල්ලස් කොමිසමේ නියෝජිතයන් පවසා ඇත්තේ, මෙම නඩුකරය පිළිබඳ නිල දැනුමක් තවමත් නොලැබී ඇති බවය.

Tags