සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නිශාන්ත වික්‍රමසිංහට ඇප

දුෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.

රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැඟින් වූ ශරීර ඇප 3ක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.

Tags