දේශීය පුවත්
රතන හිමිට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කළ උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගය කළ බවයි වාර්තා වන්නේ.
202 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තුව මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධව රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
