දේශීය පුවත්
දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව ඔහු සැකකරුවෙකු ලෙස නීතිපතිවරයා නම් කිරීමට අදාළවයි.
මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබූණා.
එය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප වුණා.
