දේශීය පුවත්
රාජිත ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණා.
අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන 9 වනදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
