සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රථවාහන දඩ මුදල් Online ක්‍රමයට කැබිනට් අනුමැතිය

රජය විසින් හඳුන්වා දුන් නියමු ව්‍යාපෘතිය යටතේ රථවාහන දඩ මුදල් Online ක්‍රමවේදය ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේ දී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා… දැනට තියෙන්නේ කුරුණෑගල ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Tags