සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ලාංකික කාන්තාවකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

ඊශ්‍රායලයේ බැට්යම් ප්‍රදේශයේ සේවය කරන ලද ලාංකික කාන්තාවක් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

මේ අතර ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ද ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් එම නිවසේ සිටි අය සමඟ ඉවත්ව ඇති බව වාර්තා වනවා.

Tags