දේශීය පුවත්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝමීටරයේ සිට 34 වන කිලෝමීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළුම් සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ස්ථරවල භායනයන් සිදුව ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා.
මේ අනුව එම මාර්ග කොටස ප්‍රතිසංස්කරණ කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපොහරණය සහ නව නව ආස්තරණයක් යෙදීම සිදුකළ යුතු බව හඳුනා ගනු ලැබ ඇති බව සඳහන්.
මේ සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම්ලත් දේශීය ආයතන වෙතින් ලංසු කැඳවා ඇති බව වාර්තා වනවා.
ලැබී ඇති ලංසු ඇගයීමෙන් පසු ඉහළ පසු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබෙනවා.
අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
