දේශීය පුවත්
නාමල්ගේ නීති විභාගය සම්බන්ධයෙන් කතාබහ තීව්‍ර වෙයි
නාමල් රාජපක්‍ෂගේ නීති විභාගය සම්බන්ධයෙන් සංවාදයක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ අතර, නීති විභාගය ලිවීමේ දී නාමල් රාජපක්‍ෂ තවත් අයගේ උදව් ලබාගෙන ඇති බවට සාක්‍ෂ්‍ය ඇතැයි ඇමති වසන්ත සමරසිංහ විසින් චෝදනාවක් එල්ල කර සිටියා.
එහිදී නාමල් එම චෝදනාව එක හෙලා ප්‍රතික්‍ෂේප කළ අතර, තමන් නීති විභාගය වෙනම කුටියක සිට ලියා ඇති බව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බවට ද ප්‍රකාශ කර සිටියා.
නාමල් රාජපක්‍ෂ නීති විභාගය ලිවීමේ දී වංචාවක් කළ බවට ඇති ප්‍රධානම ඇසින් දුටු සාක්‍ෂිකරු තුෂාර ජයරත්න නමැත්තෙකු වන අතර, ඔහු එවකට නාමල් වංචා කළ බව කියන නීති විභාගයට පෙනී සිටි නීති ශිෂ්‍යයෙකු වනවා.
සමාජ මාධ්‍ය තුල ඔහු සඳහන් කර සිටින ආකාරයට නාමල් නීති විභාගය ලියූවේ නීති විද්‍යාලයේ පරිඝණක කාමරයේ සිට බවත්, පරිඝණක කාමරයේ නාමල් සමග තවත් නීතීඥයන් දෙදෙනෙකු සිට ඇති බවත් සඳහන්.
එදින නීති විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් අතරෙන්, මෙම විභාග වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කළ එකම පුද්ගලයා තමන් වන අතර, මෙම සිද්ධියෙන් පසුව ඇති වූ තත්ත්වය මත තමන්ට රටින් පලා යාමට සිදු වූ බවද ඔහු සඳහන් කරනවා.
නාමල්ගේ විභාග වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සදහා සාක්‍ෂි ලබා දීම වෙනුවෙන් ඕනෑම මොහොතක දිවයිනට පැමිණීමට සූදානම් බව ද තුෂාර ජයරත්න වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
