සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

CIDය උදයංගගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ප්‍රශ්නගත මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇති බව සඳහන්.

පසුගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩු සමයේ දී මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන ගොනු වසාදමා තිබුණ ද මේ වන විට එම විමර්ශන නැවතත් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

2007 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් MiG27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් මිලියන 7.833කට ආසන්න මහජන මුදල් අවභාවිතා කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව මෙම විමර්ශනය සිදු කෙරෙනවා.

Tags