දේශීය පුවත්
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
මෙහිදී පනත් කෙටුම්පත පක්ෂ ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
මේ අනුව කථානාවරයා වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවයි.
මේ අතර ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (10) පස්වරුවේ අත්සන් තැබුවා.
