දේශීය පුවත්
කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය ඇරඹෙයි
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිඳු පක්ෂයක් විසින් බ්තර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වන විට (16) ආරම්භ වී තිබෙනවා.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ඇරඹුනා.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න පිළිබඳව මේ වන විට සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා.
ඊට අදාළව ගැසට් නිවේදන නිවේදනය පළාත් පාලන කොමසාරිස් පසුගියදා නිකුත් කළා.
මෙවර මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ථ සභික ගණන සභික ධූර 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමඟි ජන බලවේගයට සභික ධූර 29ක් හිමි වුණා.
එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධූර 4ක් සහ සර්වජන බලයට සභික ධූර 2ක් හිමි වූ අතර සෙසු සභික ධූර සංඛ්‍යාව අනෙක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී යනු ලැබුවා.
ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිඳු පක්ෂයක් විසින් 50%ක් ඉක්මවූ බහුතර සභික ගණනක් ලබා නොගැනීම තුළ කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කර ගැනීම සඳහා අද (16) පැවැත්වෙන මංගල රැස්වීමේ දී ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
