දේශීය පුවත්
කොළඹ නගර සභාවේ රු. බිලියන 4ක හිඟ වරිපනම්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ රුපියල් බිලියන 4කට අධික හිඟ වරිපනම් බදු තවමත් අය නොකළ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.
කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රීවරයා සඳහන් කළේ, පෙර නිර්දේශයන් අනුව කොටුව කොට්ඨාසයෙන් මිලියන 610ක හිඟ බදු එකතු කිරීමට නියමිතව තිබුණද, ජූනි මාසය වනවිට එකතු වී තිබුණේ මිලියන 53ක් පමණක් බවයි.
කොළඹ නගර සභාවේ නියෝජ්‍ය භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ මහතා පැවසුවේ, බදු ගෙවීම ප්‍රතික්ෂේප කරන දේපොළ හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
කොළඹ නගරාධිපති ව්‍රරායි කැලී බල්තසාර් මහත්මියද කෝපා කමිටුව හමුවේදී ප්‍රකාශ කළේ, නගර සභාවේ අක්‍රමවත් ක්‍රියාවලි සවිබල ගන්වා කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන බවය.
