සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කඩිනමින්

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පෙරේදා (22) උදෑසන සිය නිල කාර්යාලයේදී නොනාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (23) පවසා ඇත්තේ, මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන කටයුතු සඳහා යොදා ඇති අතර, අවශ්‍ය නියෝග දැනටමත් ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඝාතනයට පත්වූ සභාපතිවරයාගේ හිස, ගෙල සහ පපු ප්‍රදේශ වෙඩි වැදී බරපතළ තුවාල ලබා මාතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අතර, ජීවිතක්ෂයට පත්ව තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක වන අතර, බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘මිදිගම රුවන්’ නමැති සැකකරුගේ පාර්ශ්වයක් මෙම ඝාතනය සිදුකර ඇති බව සැක පළ වී ඇත.

පොලීසිය අනාවරණය කළේ, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය අගෝස්තු (29) දින ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව පෙන්නා ආරක්ෂාව සලසන ලෙස පොලිසිය වෙත ලිපියක් යොමු කර ඇති බවයි.

Tags