කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දින නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයට පත්ව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,318.72ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙහිදී දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 143.98කින් (ශත 0.65ක්) වැඩිවූ අතර S&P SL20 දර්ශකයද ඒකක 63.65කින් ඉහළ ගොස් 6,226.03ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය සටහන් කළේය.
අද දිනයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 8.45ක් ලෙස වාර්තා වී ඇති අතර, දේශීය මිලදී ගැනීම් රු. බිලියන 8.30ක් හා විකිණුම් රු. බිලියන 8.21ක් ලෙස සටහන් විය. විදේශීය මිලදී ගැනීම් රු. මිලියන 150ක් සහ විකිණුම් රු. මිලියන 248ක් ලෙස ද වාර්තා විය.
