දේශීය පුවත්
අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් කඳාන නිවසකින් හමුවෙයි
මිද්දෙනියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කරන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවයි.
කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (07) සවස මෙම නිවස සෝදිසි කර තිබෙනවා.
මෙහිදී එම නිවස තුළ සහ නිවසේ ඉදිරිපිට භූමියෙ තිබී මෙම රසායනික ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.
සොයාගත් ප්‍රමාණය පිළිබඳව මෙතෙක් හෙළිව නැහැ.
මෙම ලිපිනය සහිත නිවසද වසා දමා තිබූ පාලු නිවසක් වන බවත් සිද්ධිය සම්බන්ධව කිසිඳු සැකකරුවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පවසනවා.
එම නිවසේ අයිතිකරු පොලීසිය වෙත සඳහන් කර ඇත්තේ දෙමහල් නිවසක් වූ මෙම නිවස පසුගිය අගෝස්තු මස 11 වනදා මසකට රුපියල් 150000ක කුලී පදනම මත ලබාගත් බවයි.
තවද සැප්තැම්බර් මස 05 වනදා එම නිවසේ යතුර දෙමහල් නිවසේ හිමිකරු හට නැවතත් කුළී පදනම මත ලබාගත් පුද්ගලයා ලබාදී ඇති බවද ඔහු පොලීසිය වෙත පවසා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් ස්ථාන පරීක්ෂණය සිදුකරමින් සිදුකරන අතර කළුතර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
