දේශීය පුවත්
ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත ලෙස ස්ථිර කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වෙයි
පසුගිය වසරේ මැතිවරණ ආසන්නයේදී ලංකා සතොසේ සේවකයින් 850ක් ගැටලු සහගත අන්දමක් යටතේ ස්ථිර කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) ඊයේ (10) හමුවේ අනාවරණය විය.
කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, සතොසේ ඉහළ තනතුරු 8ක් කොන්ත්‍රාත් පදනම් මත බඳවාගෙන ඇති බවයි. සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා එය තහවුරු කරමින්, 2024 සැප්තැම්බර් මාසයේ තිබුණු බොඩ් මීටිමකදී වසර 2කට දී ඇති කොන්ත්‍රාත්තුව වසර 5කට දීර්ඝ කර ඇති බව ප්‍රකාශ කළේය. එම CEO තනතුර සඳහා මූලික වැටුප රු.173,000ක් වන අතර, ප්‍රතිලාභ පැකේජයේ කිහිපයක් ගැටලු සහගත බවද ඔහු සඳහන් කළේය.
නිශාන්ත සමරවීර මහතා සදහන් කළේ, ආයතනයේ මූලික තැන් කොන්ත්‍රාත් පදනම් මත වැඩ කිරීම සුබදායී නැති බවයි. ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන් මෙහිදී එක්ව, මෙම ස්ථිර කිරීම් ගැටලු සහගත බවට අවධාරණය කළේය.
