සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රාජිතට අධිකරණයෙන් වරෙන්තු

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කළා.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මඟ හරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

2012 මැයි මස 10 වනදා SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ද ධීවර වරායේ වැලි කැණීම්කර, එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාම සම්බන්ධයෙන් විදේශීය සමාගම ඉදිරිපත් කළ යෝජනාවට නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලී හෝ කැබිනට් අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර ඇති ඒ මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් වරෙන්තු නිකුත් කරන ලෙස ද අල්ලස් කොමිසම අද (12) අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Tags