දේශීය පුවත්
නියෝජ්‍ය ඇමති හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජුනි 20 වනදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවයි.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
මේ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාරගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවයි.
