සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බෙදීමේ දේශපාලනය තවදුරටත් මෙරට තුල වලංගු නැහැ – ජනපති

මෙරට තුළ තවදුරටත් බෙදීමේ දේශපාලනය වලංගු නොවන බවත් උතුරේ දකුණේ නැගෙනහිර පොදු ජනතාවගේ අභිලාශයන් කෙන්ද්‍ර ගත කිරීමට ජාතික ජන බලවේගයට හැකි වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේන් අනතුරුව අමාත්‍යවරුන් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

මෙවර මැතිවරණයෙන් සතුටට පත් වන කණ්ඩායමක් හෝ කම්පාවට පත් වන කණ්ඩායමක් යනුවෙන් කණ්ඩායම් දෙකක් නොපවතින බවත් නිදහස්, සාමකාමී සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සිය රජය විසින් කටයුතු සම්පාදනය කල බවත්, මෙරට මැතිවරණ ඉතිහාසයේ පැවති ආකාරයේ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් හිංසාවට පීඩාවට පත් කිරීම හෝ කිසිඳු ජන වාර්ගයක් හෝ කණ්ඩායමක් බෙදා වෙන් කෙරෙන අපහසුතාවයට පත් කරන ආකාරයේ කටයුත්තක් ඇති නොවීමට මෙවර මැතිවරණයේදී කටයුතු කල පරිද්දෙන්ම ඉදිරියේදීද එම සාමකාමීභාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

නව රජයේ අමාත්යධූර ලැයිස්තුව​.
 
1.හරිනි අමරසූරිය – අග්රාමාත්
අධ්යාපන උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන
2.විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්
3.මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන
4.නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්
5.සරෝජා සාවිත්රි පෝල්රාජ් – කාන්තා හා ළමා කටයුතු
6.කේ.ඩී. ලාල් කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග
7.අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
8.රාමලිංගම් චන්ද්රසේකර් – ධීවර හා ජලජ සම්පත්
9.උපාලි පන්නිලගේ – ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ, ප්රජා සවිබලගැන්වීම්
10.සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත හා ව්යවසායකත්ව
11.ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු
12.බිමල් රත්නායක – ප්රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා
13.හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
14.වෛද්ය නලින්ද ජයතිස්ස – සෞඛ්ය හා ජනමාධ්
15.සමන්ත විද්යාරත්න – වැවිලි හා ප්රජා යටිතල පහසුකම්
16.සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු හා ක්රීඩා
17.වසන්ත සමරසිංහ – වෙළෙඳ වාණිජ ආහාර සුක්ෂිතතා සමූපකාර සංවර්ධන
18.විශේෂඥ වෛද්ය ක්රිෂාන්ත අබේසේන – විද්යා හා තාක්ෂණ
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු – කම්කරු
20. කුමාර ජයකොඩි – බලශක්ති
21.වෛද්ය ධම්මික පටබැදි – පරිසර
Tags