කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්ය අධ්යක්ෂ ලෙස කටයුතු කළ වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ සෞඛ්ය අමාත්යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්ය වෙත ප්රකාශ සිදුකර ඇති බවය. මේ සම්බන්ධයෙන් විදිමත් විනය ක්රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ දැක්වෙයි. මේ සම්බන්ධයෙන් වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අද දෙරණ සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විනය පරීක්ෂණයකට යටත්ව තමාගේ වැඩ තහනම් කර ඇති බවය.
දේශීය පුවත්
වෛද්ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩතහනම් කරයි
Tags
Related Article
අපේ ජනප්රියම ලිපි
එළැඹෙන සතිය වන විට ආපදාවෙන් හානි වූ මාර්ග රථ වාහන ධාවනයට විවෘත කිරීමට අවධානය
December 6, 2025
සම්පත් මනම්පේරිට නැවතත් දින 90ක රැඳවුම් නියෝගයක්
December 24, 2025
කුලී කාමරයක රැඳීසිටි අයෙකුව පහරදී ඝාතනය කරයි
January 10, 2026
Starlink දැන් ශ්රී ලංකාවේ – ඊලොන් මස්ක් X සටහනක් තබමින් කියයි
July 2, 2025
Featured
පරාජයත් සමඟ දඹුල්ලේ දී නොසන්සුන් වූ සූරියවංශි ශ්රී ලංකා ක්රීඩකයන් සමඟ ගැටෙයි
June 15, 2026
කොමාන්ඩෝ බලගණය – නොහැක්කක් නොමැත
October 15, 2024
ජාත්යන්තර චෙස් දිනය අදයි.
July 20, 2024
ට්රම්ප් නැවත තේරී පත්වුවහොත් ලෝක දේශපාලනයට එය කෙලෙස බලපානු ඇතිද?
July 14, 2024
