සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තංගල්ලේ මුහුදෙන් සොයාගත් මත්ද්‍රව්‍ය දෙහිබාලේගේ බව හෙළිවෙයි

තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබූ විශාල මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා සතුව තිබූ මෝටර් රථ, යතුරුපැදි සහ ජංගම දුරකථන 5ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී වැඩිදුර විමර්ශන සිදු කරන අතර, රජයේ රස පරීක්ෂකවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා ඇත.

තංගල්ල වරායට ගෙන එනු ලැබූ මෙම මත්ද්‍රව්‍ය තොගය වටා සිටි සුනඛයන් අසාමාන්‍ය හැසිරීමක් පෙන්වා ඇති අතර, ඉන් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවද වාර්තා වේ. සෞඛ්‍ය නිලධාරීන් හා පශු වෛද්‍ය කාර්යාලය මේ පිළිබඳව නිරීක්ෂණය කරමින් පවතියි.

Tags