දේශීය පුවත්
නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට
TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර නොහොත් ඊනියා භාරතී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවින්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වනදා කොළඹ දී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මතයි.
මෙම සිද්ධිය පිළිබඳව සැකපිට දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලැබුවා.
පිල්ලෙයාන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාලයක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී පසුව කරුණා අම්මාන් සමඟ LTTE සංවිධානය අතහැර පැමිණි අයෙක් වනවා.
මේ අතර 2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ‘ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම ද විශේෂත්වයකි.
