සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විදුලිබිල 15%කින් ඉහළ යයි

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

එම කොමිසම මේ බව දැනුම් දුන්නේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිඳු වෙනසක් සිදුව නොමැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පවසනවා.

ඒ වගේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩි වීමක් ද සිදුව තිබෙනවා.

තවද රුපියල් 75ට තිබූ මාසික ගාස්තුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 80ක් දක්වා වැඩි වනු ඇති.

ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවැති ඒකකය මිල රුපියල් 2කින් ඉහළ ගොස් ඇති අතර එහි ඒකකයක නව මිල රුපියල් 8කි.

මේ අනුව එම කාණ්ඩයේ මාසික ගාස්තුව රුපියල් 10කින් ඉහළ යනු අතර එය රුපියල් 210ක් බවට පත්වනු ඇති.

මේ අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 240කට සිමා වන අතර ඒකක 91 – 120 දක්වා සමස්ථ බිල්පත් වැඩි වීම රුපියල් 360කි.

ඒකක 121 – 150 දක්වා සමස්ත බිල්පත් වැඩි වීම රුපියල් 600කි.

ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 840කට සීමා වන අතර ඒකක 180ට වැඩි කාණ්ඩයට රුපියල් 2020කට සීමා වනු ඇති.

මේ අනුව ගෘහස්ත අංශයේ විදුලි ගාස්තුව සංශෝධනය රුපියල් 20 සිට 2020 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒකක 180ට වැඩි ආගමික ස්ථානවලට මාසික ස්ථාවර ගාස්තුවල වැඩි වීමක් සිදුව නොමැති අතර ඒකක ගාස්තුව පමණක් ඉහළ යනු ඇති.

කර්මාන්ත අංශයේ පසුගිය වර්ෂයට අදාළව විදුලි ගාස්තුව ඒකක 300ට වැඩි වන විට ඒකක ගාස්තුව සහ මාසික ගාස්තුව රුපියල් 50කින් ඉහළ යනු ඇති.

විශාල කර්මාන්ත, හෝටල් සහ පොදු කර්මාන්තවල ස්ථාවර ගාස්තුව රුපියල් 5000 එලෙසම පවතින අතර මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රුපියල් 100කින් ඉහළ යනු ඇති.

මේ අනුව එම කාණ්ඩයේ රුපියල් 23ට පවතින ඒකක ගාස්තුව රුපියල් 28ක් දක්වා ඉහළ යනු ලබන අතර රුපියල් 13කින් පවතින ඒකකය රුපියල් 15ක් දක්වා සහ රුපියල් පවතින ඒකකය රුපියල් 12 දක්වා රුපියලකින් ඉහළ දමා තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක, ජයනාත් හේරත් මහතා පැවසුවේ මෙම ඒකක ගාස්තු වැඩි වීම ශත 50ත් රු 9ත් අතර පරාසයකින් ඉහළ ගොස් ඇති අතර මාසික ගාස්තු වැඩිවීම රු 50ත් රු 100ත් අතර මට්ටමකින් සිදුව ඇති බවයි.

සමස්ත වැඩිවීම බිලියන 276ක් ඉදිරිපත් කර ඇති යෝජනාවක් බිලියන 268කට සීමා කර ඇති අතර අදාළ ඉලක්කය ළඟා කර ගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය 15%කින් ඉහළ දැමු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Tags