දේශීය පුවත්
ආණ්ඩුවේ ගමන අවිනිශ්චිතයි – වසන්ත මුදලිගේ
ආණ්ඩුව ගෙන යන ගමන අවිනිශ්චිත බවත්, එම ගමන සම්බන්ධයෙන් ජනතාව දෙගිඩියාවක සිටින බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ, පැරණි දේශපාලන චරිතවලට නැවත හිස එසවීමට අවසර නොදිය යුතු බවයි.
ඉබ්බාගේ උදාහරණයක් ඉදිරිපත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉබ්බා බියට පත්වූ විට ඔලුව කටුව ඇතුළට දමා ගන්නවා. භය අඩු වූ විට ටිකක් ඔලුව එළියට දමා බලනවා. එම ආකාරයටම පරණ විපක්ෂයේ සිටිනා දේශපාලන චරිත දැනට නැවත ඔළුව එසවීමට උත්සාහ කරන බවයි.
