දේශීය පුවත්
IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පුර්ණ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව සඳහන් කරනවා.
මේ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි මිලියන 254ක් එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවනවා.
මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබාදී ඇති මුළු ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් ඉහළ යනු ඇති.
