දේශීය පුවත්
ගම්පොළ දොළුව ප්‍රදේශයේ මාරක අනතුරක්, කාන්තාවන් තිදෙනෙකු මරුට, තවත් කාන්තාවක් රෝහලේ
ගම්පොළ දොළුව ප්‍රදේශයේ අද (6) පෙරවරුවේ සිදුවූ මාර්ග අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කළ කාන්තාවන් සිව්දෙනා වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වූ බවය.
ඒ, ඔවුන් ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී ය.
අනතුරෙන් කාන්තාවන් තිදෙනෙකු ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් කාන්තාවක් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පසුවන බවද වාර්තා වේ.
අදාළ මෝටර් රථය සහ ධාවකයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
