සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 827ක්

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති හරහා සෘජු විදේශ ආයෝජන ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 827 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පසුගිය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සසඳන විට එය 138% ක වැඩිවීමක් බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

කොටස් ප්‍රාග්ධනය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 111 ක්, නැවත ආයෝජනය කරන ලද රඳවා ගත් ඉපැයීම් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 132 ක්, ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 231 ක් සහ ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය අමෙරිකානු ඩොලර් මිලියන 331 ක් ලැබී තිබෙන බව එම මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රගතිය නව ආයෝජකයන්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවත්නා ආයෝජකයන්ගේ අඛණ්ඩ කැපවීම යන කාරණා පිළිබිඹු කරන බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Tags