සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජුනි මසදී ඩොලර් මිලියන 600ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබෙයි

2025 ජුනි මසදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක වැඩි වීමකි.

2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සම්මුචිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

2024 සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6,57කි.

නිල දත්තවලට ඖව වසර තුළ ශ්‍රී ලාංකිකයින් 312836ක් විදේශ රැකියා සඳහා විදේශගත ඇති බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වනවා.

Tags