සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හිටපු ඇමති පී දයාරත්න හෝමාගම පිහිටි රජයේ ඉඩමක් තමන්ගේ නමට ලියාගෙන

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන පී දයාරත්න හෝමාගම පිහිටි රජයට අයත් ඉඩමක් ඔහුගේ නමට ලියාගෙන ඇති බව ජාතික ජනබල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ හිටපු අමාත්‍යවරයාගේ දරුවන් වෙත පවරා ඇති බවයි.

මේ වන විට එම ඉඩම දේපළ සමාගමක් වෙත අලෙවි කර ඇති බවද සඳහන්.

එම ඉඩම හිටපු අමාත්‍යවරයා විසින් 1987 වසරේ දී පවරාගෙන ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

1977 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පී දයාරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වුණා.

ඒ මහතා කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් ද හොබවා තිබුණා.

අම්පාර දීඝගාමිණි මාවතේ පිහිටි රජයේ නිවස වසර 46ක පුර තම සන්තකයේ තබා ගනිමින් භාවිතයට ගෙන තිබූ බවටද මීට පෙර චෝදනා එල්ල වුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු සිය දේශපාලන කටයුතු වෙනුවෙන් මෙම නිවස භාවිත කර ඇති බවයි.

හිටපු අමාත්‍යවරයාට කොළඹ, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් සහ නිවාස ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

2015වසරේ පැවති මැතිවරණයෙන් හිටපු අමාත්‍ය දයාරත්න පරාජයට පත්වුණා.

Tags