දේශීය පුවත්
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින්ගේ මූල්‍ය වංචාවක තතු හෙළිවෙයි

2014 සිට 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3,416 අලාභයක් සිදුව ඇතැයි පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසනවා.
කෝප් කමිටුව පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය, පිරවුම්හල් හිමියන්ට අදාළ චක්රලේකයක් නිකුත් කිරීම වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්රමාද කිරීමෙන් මෙම අලාභය සිදුව ඇති බවයි.
මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙන අතර, කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ, එම වංචාව සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.
බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇති බව ද වැඩිදුරටත් සඳහන් වනවා.
2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද කාරක සභාව විමසා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට විදෙස්ගතව ඇති බවයි.
පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ අභ්යන්තර පරීක්ෂණවලට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි.