සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.

හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් රතු මුහුදේ ගමන් ගන්නා වාණිජ නැව්වලට පහර දීමට කටයුතු කරන බැවින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Tags