දේශීය පුවත්
ඉන්ධන පරිභෝජනය අඩු වෙලා
මෙරට ඉන්ධන පරිභෝජනය 30%කින් පමණ අඩුවී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදුලි බල නිෂ්පාදනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් යොදාගැනීමට කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට නව ඉන්ධනහල් සඳහා බලපත්‍ර ලබාදීම ද අත්හිටුවා ඇති බවයි.
“තෙල් වල ඉතුරුවක් එනවා ලොකු. ඒක තවත් අර්ථවත් කරන්න අපි බැටරි තාක්ෂණයත් කරනවා. මොකද අපි දවල්ට පාවිච්චි කරන්නේ නෑ දවල්ට. ඒ ප්‍රශ්නෙත් තියෙනවා දැන්. අපිට හරියට ඉතුරු කරන්න නම් ස්ටෝරේජ් බැටරි අපිට හදා ගන්න වෙනවා. එතකොට තමයි අපිට ඒක ඉතුරුකරලා රෑට පාවිච්චි කරන්න වෙන්නේ. ඇත්තටම එතකොට තෙල් ඉතුරු කරන්නත් පුළුවන්. දැනටමත් ඇත්තටම 2019න් 20න් පස්සේ 30%ක් විතර ඛනිජ තෙල් පරිභෝජනය අඩු වෙලා තියෙනවා. එන්න එන්න ඕක අඩු වෙලා මටම අනිත් පැත්තට එනවා. මොකද ෂෙඩ් වලට ආදායම නෑ. බවුසර් වලට හයර් නෑ. ඒක අඩු වෙනකොට මේක වැඩි වෙනකොට ඒ ටිකත් මට එනවා. අපි දැන් තෙල් ෂෙඩ් වලට ලයිසන් දෙන එක අඩු කරලා තියෙනවා. බවුසර් වලටත් ලයිසන් දෙන එක අත්හිටවලා තියෙනවා. හොඳ පැත්ත උස්සනකොට තව පැත්තක් වියදම් වැඩි පැත්ත අඩු වීම සමාන්‍ය දෙයක්. අපේ ටාගට් එක, ඒක තෙරුම් අරගෙන අපි ඕක දෙපැත්තම උස්සන්න ගියොත් මේක කොහේහරි ගැටිලා හොඳට කරන මනුස්සයක් තැලිලා පොඩි වෙලා විසික්වෙන එක තමයි තියෙන්නේ”.
