දේශීය පුවත්
බස් රථ මගී ප්‍රවේශ පත්‍ර අනිවාර්යය කිරීමට රජය තීරණය කරයි
බස් රථවල ගමන් කරන මඟීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
මේ මස 30 වනදා සිට වාහන ධාවනයේ දී ආරක්ෂණ යෝජනා ක්‍රම 85ක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
“පුද්ගලික බස් රථ ධාවනය කරන රියදුරු මහත්වරුන් හා කොන්දොස්තර මහත්වරුන් යම් කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයකට අරගෙන. ඒ ක්‍රමය තුළින් අවුරුදු 55 වුණාම පෙන්ෂන් එකක් ලැබෙන ක්‍රමයකට යන්න. එවිට අවුරුද්දක් ඇතුළතදි අපිට ඒකට යන්න පුළුවන් කියලා. ඒ වගේම අපි බස්වල ටිකට් අනිවාර්ය කරනවා. එතකොට බස් රථ හිමියන්ට යම් ආදායමක් ගන්න පුළුවන්. දැන් මේ බස් රථ රේස් යන එක තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. රේස් යන එකට හේතුව තමයි පුංචි පුංචි බස් හිමියෝ ඉන්නේ ඒ අයට බස් එකයි දෙකයි තියෙන්නේ. අපි දැනට පටන් අරගෙන තියෙනවා නුවර සහ 138 මාර්ගයේ ධාවනය වන බස් රථ සමූහයක් විදිහට. සමාගම් කිව්වට සමාගම් නෙමෙයි 138 මාර්ගයේ ධාවනය කරන ලංගම සහ පුද්ගලික බස් රථ සියල්ල එකතුකරලා ආදායම දවස අවසන්යේදී ශෙයා කරගන්න පුළුවන් ක්‍රමයකට කරන්න. ඒත කමයි ඇත්තටම අවසාන උත්තරය මොකද විනය හදන්න බැහැ දවසේ ආදායම තමන්ට ලැබෙන්නේ නැතිනම්. හවස ගෙදර යනකොට රුපියල් 500ක් ලැබෙනවානම් විනය හැදෙන්නේ නැහැ.”
