දේශීය පුවත්
ආහාර නාස්තිය අවම කිරීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර සම්බන්ධව පවතින අනාරක්ෂිත බව අවම කිරීමට දකුණු කලාපීය රටවල් සමඟ එක්ව විශේෂ ප්‍රතිපත්ති මාලාවක් සැකසීමට රජය තීරණය කර තිබෙනවා.
මීට අදාළ ප්‍රතිපත්ති සංවාදයක් කොළඹ දී ආරම්භ වූණේ “අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය” යන තේමාවෙන්.
මෙම සංවාදය ලෝක බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ දින දෙකක් පුරා පැවැති මෙම ප්‍රතිපත්ති සංවාදය, ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් සංවිධානය කර ඇති බවයි.
