සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යුද හමුදාවෙන් ඉවත් වූ පිරිසකට ලැබෙන අලුත්ම අවස්ථාව මෙන්න

යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමෙන් පසුව නිත්‍යානුකූලව ඉවත් ගිය වූ වයස අවුරුදු 45ට අඩු 10000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහන එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා පැවසුවේ එම පිරිස වසර 5ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (09) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.

මත්ද්‍රව්‍යය භාවිතයට නැඹුරුවීමේ අවධානම් කලාපයේ සිටින ළමුන් 7880ක් පමණ දැනට හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Tags