දේශීය පුවත්
වරප්රසාද ඉල්ලන සටනින් රනිල් ඉවත් වෙයි
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එම පක්ෂයේ ක්රියාකාරීන්ට පසුගියදා දැනුම් දී ඇති බව වාර්තා වනවා.
තවද වරප්රසාද අහිමි කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් සමඟ කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ යුතු බවද ඔහු මෙහිදී ප්රකාශ කර තිබෙනවා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ සහ මෛත්රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන් පසුගිය දිනවල ස්ථාන දෙකකදී හමු වූ අවස්ථාවේදී තමා සමග මේ ගැන යම් යම් අදහස් ප්රකාශ කළ බවයි.
