දේශීය පුවත්
මෙතෙක් වාර්තා කළ ඉහළම සංචාරක පැමිණීම් අගය 2025 සැප්තැම්බර් මාසයේදී
පසුගිය මාසයේ (සැප්තැම්බර්) මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 158,971 ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එය මෙතෙක් ඉතිහාසයේ සැප්තැම්බර් මාසයකදී පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය ලෙස වාර්තා වන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, මින් පෙර ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වන 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වී ඇති සංචාරක පැමිණීම 149,087 ක් වන අතර, එම 2018 වසර හා සැසඳීමේ දී මෙය 6.6% ක වර්ධනයක් වන බවත්, පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී එය 30.2% ක වර්ධනයක් ලෙසත් සටහන් වනවා.
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,725,494 ක් ලෙස වාර්තා වන බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
වසරේ ගත වූ කාල සීමාව තුළ වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර, මීට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
