දේශීය පුවත්
ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ලබන 5 වනදා දක්වා ඇය මෙරටට රැඳී සිටින බවයි.
මෙම සංචාරය අතරවාරයේ දී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.
තවද ඇය අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරය අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවද සඳහන්.
වසර 10කට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකරන ඉහළම මට්ටමේ සංචාරය මෙය වනවා.
