සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් වංචාවට සම්බන්ධ සමාගම් හිමිකරු අංගොඩ මානසික රෝහලට

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ව්‍යාජ ඖෂධය නිෂ්පාදනය කළ බව කියන වංචාවට සම්බන්ධ සමාගම් හිමිකරු ජනවාරි පහළොස් වන දා දක්වා ප්‍රතිකාර ලබා ගැනීම සදහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කරන ලෙස මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.
 
අදාල නඩුව ඊයේ (01) කැදවන ලද අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය නිකුත් කර තිබුණු වාර්තාවක් බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
 
එම වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ නියෝගය ලබා දී ඇති අතර​, මෙම නඩුවේ එක් ප්‍රධාන විත්තිකරුවෙකුව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාස අටකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට මේ වන විට ඇප මත පසුවනවා.
Tags