සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මම මුලින් ලොකු පුටු අයින් කරපු එක – අමාත්‍ය ලාල් කාන්ත

තමන් අමාත්‍යාංශයට ගොස් සිදුකළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කර තිබූ ලොකු පුටු ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ අපගේ පරිපාලනය සැකසී ඇත්තේ අනෙක් අය යටත් කරගන්නා “සර්” යනුවෙන් අමතන රටාවකින් බවයි.

එම පුරුදු එකවරම වෙනස් කිරීමට යාම වඩාත් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවත් වගකීම්වලින් හැර මනුෂ්‍යත්වයෙන් කිසිවෙක් වෙනස් නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

“මම ඉස්සරහා ඉන්න කෙනා මට සමාන කෙනෙක් මිස මට වඩා යටින් ඉන්න කෙනෙක් නෙමෙයි.. සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවා අපේ සමාජයේ, ඒක හදලා තියෙන්නේ එක් කෙනෙක් තව කෙනෙක්ව යටත් කරගන්න…අපි ඉන්නේ පරිවර්තනීය යුගයක, ඒකෙ ලක්ෂණයක් තමයි පරන නරකත් ඒකෙ තියෙනවා, NPP පාලනය යටතේත් තියෙනවා රාජ්‍ය සේවයේත් තියෙනවා…ඔය ගැටුමෙන් පරණ නරක ජයගත්තොත් රට ඉවරයි.. අලුත් හොඳ දේ ජයගත්තොත් රට දිනුම්”

Tags